Dumpus waterfall
දුම්පුස් ඇල්ල දුම්පුස් ඇල්ල ශ්‍රීලංකාවේ පිහිටි තවත් එක් සුන්දර දිය ඇල්ලක් වන අතර එය රත්නපුර දිස්ත්‍රික්කයේ පලලින් වැඩිම දිය ඇල්ලයි. දුම්පුස් ඇල්ල පිහිටා ඇත්තේ රත්නපුර සිරිපාගම මාර්ගයේ , රත්නපුර නගරයේ සිට 19km දුරින් පිහිටා ඇති ඉඳුරුව රක්ෂිතයට මායිම්වය.. දුම්පුස් ඇල්ල ගිලීමලේ බස්නාහිර කඳු පන්තියෙන් ආරම්භ වී ගලා බසින ඉඳුරු ගඟ අතු ගංගා රාශියකින් පෝෂණය වී ඉඳුරුව රක්ෂිතයට මායිම්ව පිහිටා ඇති ගල්පරය මතින් දුම්පුස් ඇල්ල නිර්මාණය වි ඇත. දුම්පුස් ඇල්ල උස 6m ක් පමණ වන අතර එහි පලල 36m ක් පමණ වේ. දුම්පුස් ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති දිය ඇලි අතරින් පලලින් වැඩිම දිය ඇල්ල වේ. දුම්පුස් ඇල්ල අවට සුවිසල් ජෛව විවිධත්ව පද්ධතියකින් සමන්විතය. එහි ඒක දේශීය ශාක සහ සතුන් විශාල වශයෙන් හමුවන අතර දුම්පුස් ඇල්ල වටකරමින් ඇති ඉඳුරුව රක්ෂිතයද ඇල්ලේ ස්වභා සුන්දරත්වය තවත් වැඩි කරයි. ඉතා පිරිසිදු ජලයෙන් සමන්විත දුම්පුස් ඇල්ල, ස්භාදහමට ලැබී ඇති මහගු දායාදයකි. දුම්පුස් ඇල්ල නැරඹීමට ප්‍රධාන මාර්ගයේ සිට ඉඳුරු ගඟ දිගෙහි 300m පමණ ඉහලට ගමන් කල යුතුයි. ඉහල ජල ධාරිතාවකින් සම...