බේරුවත්ත ඇල්ල.....
රුවන්පුරේ තවත් එක් සුන්දර දිය ඇල්ලක් වන බේරුවත්ත ඇල්ල, රත්නපුර නගරයේ සිට 30km ක් වේවැල්වත්ත මාර්ගයේ යනවිට හමුවන වේවැල්වත්ත නගරයෙන්, බලන්ගොඩ පාරේ 2km ක් ගිය පසු බේරුවත්ත ඇල්ල හමුවෙයි. අඩි 165 ක උසකින් යුත් බේරුවත්ත ඇල්ල ශ්රීලංකාවේ ඇති තවත් එක් සුන්දර දිය ඇල්ලකි .
රාක්ෂගල කන්දෙන් ආරම්භ වන කුඩා දිය පාරවල් එකට එකතු වි සැදෙන කදුළුගල් දොල
බේරුවත්ත ඇල්ල නිර්මාණය කරයි. ඇල්ල ඇද හැලෙන විට ඇල්ලේ ජලය සුදු පුළුන් රොදක ස්වරූපය ගනි. විටෙක කාන්තාවකගේ සුදු කොන්ඩයක් වන් ස්වරූපයක් ගනි. බේරුවත්ත ඇල්ලේ විශේෂත්වය වන්නෙ එහි ජලය එහි ගල්ඇන්ද දිගෙහි රැලිති ආකාරයට කඩාවැටිමයි. බේරුවත්ත ඇල්ලේ ගල්ඇන්ද පාංශු ඛාදනයට ප්රතිරෝදි පාෂාණ වලින් නිර්මාණය වි ඇත. මෙසේ අලංකාර දිය ඇල්ලක් නිර්මාණය කර බේරුවත්ත ඇල්ලේ ජල කඳ අළුපොල දොල සහ රවුල දොල හරහා පල්ලම් බැස අවසානයේදි කළු ගඟ හා මුසු වන්නෙ මල්වල ප්රදේශයේදීය.

බේරුවත්ත ඇල්ල කොතරම් සුන්දර වුවත් වර්තමානයේදී එහි ජලය බීමට තියා දිය නෑමටවත් නොසුදුසු තත්ත්වයෙන් පවති. එයට මිනිසා එක එල්ලේම වගකිය යුතුයි. මේ දිය ඇල්ල අවට මැණික් ගැරීම සහ වැලි ගොඩදැමීම බහුලව සිදුවන බැවින් සහ වෙනත් මානව ක්රියාකාරකම් නිසා වර්තමානයේ බේරුවත්ත ඇල්ල අවට පරිසර පද්ධතිය දුෂණය වෙමින් පවති.
ස්භාදහමේන් ලබාදුන් මේ අනගි සම්පත, අනාගත පරපුරට ඉතිරි කිරිම ඔබෙත් අපෙත් වගකිමක් වේ.
Comments
Post a Comment