දෙහෙන ඇල්ල.......

  ශ්‍රී ලංකාවේ තවත් එක් සුන්දර දිය ඇල්ලක් වන දෙහෙන ඇල්ල, රත්නපුර සිට 23km වේවැල්වත්ත මාර්ගයේ යනවිට හමුවන පහලගම සහ අමුණුගම යන ගම්මානයන්ට මැදිව පිහිටා ඇත. 73m උස දෙහෙන ඇල්ල ස්ථර දෙකකින් ජලය ගලා බසින්නේ ස්භාව සෞන්දර්යය තවත් වැඩි කරමිනි.
   ගම්මු මෙය ගස්ලබු ඇල්ල ලෙසද නම් කරයි. නමුත් එසේ නම පට බැදිමට හෙතු වන කිසිදු ශාක්ෂියක් සොයාගැනිමට නොහැක. අතිතයේදි මෙම ඇල්ල ප්‍රාදේශීය රජු විසින් දඬුවම් දිමට මෙම ඇල්ල භාවිතා කරපු බැවින් මෙය අතිතයේදි දමන ඇල්ල වර්තමානය වන විට දෙහෙන ඇල්ල ලෙස නම සැදුණු බවට මතයක් ඇත.
   දෙහෙන දොලෙන් හටගන්නා දෙහෙන ඇල්ල ස්භාව සෞන්දර්යය, ස්භාදහමට එක් කර පල්ලම් බැස අවසානයේදි බඹරබොටුව ගඟට මුසුවේ. වර්ෂා කාල වලදි මිදුම් පටලයකින් වටකරගන්නා දෙහෙන ඇල්ල, ඇල්ලේ ස්භාව සෞන්දර්යය තවත් ඔප් නන්වයි. එම කාලයන් වලදි අසල ඇති මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලට ද මෙම මිදුම් පටලය බාධා ඇති කරයි.
   ඔබ දෙහෙන ඇල්ලේ අසිරිය නැරඹීමට හෝ දිය නෑමට පැමිණි පසු ඔබ විසින් පරිහරණය කල දෑ මෙහි දමා නොයන්න ඔබ වග බලා ගන්න. මක්නිසාද යත් වර්ථමානය වන විට දෙහෙන ඇල්ල අවට පරිසරය දුෂණය වි ඇත. දෙහෙන ඇල්ලේ අසිරිය අනාගත පරම්පරාවට ඉතිරි කිරිම ඔබෙගේත් අපෙත් වගකිමක් වේ.
ඔබ මෙහි දිය නෑමේදී ඔබගේ ආරක්ෂාව ගැන දෙවරක් සිතිය යුතුයි.








Comments

Popular posts from this blog

මාපලාන ඇල්ල...........

ගිලීමලේ-එරත්න රක්ෂිත වනාන්තරය.....

Dumpus waterfall