ස්වභාවික වියසනයේ ඇතුලාන්තය.........
මේ වන විට පුරා සතියක් ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට ජල ගැලිම්, නායයෑම්, සුළං මගින් අනතුරු සිදුවිය සහ එම වියසනයන්ට ගොදුරු වි මිනිස් ජිවිත සියගණනක් නැති විය. එම තත්ත්වයෙන් යලි පෙර තත්වයට පැමිණීමට රටක් හැටියට අපිට බොහෝ කාලයක් ගතවේ. නමුත් නැති වු ජිවත නැවත ලබාදීමට නොහැක. තවමත් එම වියසනයන් බුර බුරා නැවතත් පැමිණෙන්නට වෙර දරමින් සිටි.
ඇත්තටම මෙම වියසනයේ වගකිම කවුද බාරගත යුත්තෙ. යමෙක් කියන්නට පුළුවන් මෙය රජය බාර ගත යුතුයි කියා. තවත් යමෙක් කියන්නට පුළුවන් මෙය ස්වභාදහම විනාශ කරන්නන් බාර ගත යුතුයි කියා. නමුත් මෙහි වගකිම කාටවත් එක එල්ලේම යොමු කල නොහැකි බව ස්භාදහම ගැන හොදින් නිරික්ෂණය කල විට පෙනි යයි.
ස්වභාදහම ඉතා ගැඹුරු දහමකි. එය මේ ලොකයේ තිබෙන ගැඹුරු මෙන්ම ශ්‍රේෂ්ඨතම දහමයි. එය හොදින් අවබෝධ කර ගත යුතුය. යමෙක් ගසක් කැපුවහොත් එහි පලවිපාක එවලේම ඔහුට හෝ ඇයට ලැබේ. ගස කැපු විට ගසෙන් ලැබුන සෙවන, ඔක්සිජන්, සිසිල, ජලය, ආහාර වැනි බොහොමයක් දේ එවලේම නැතිවි යයි. සිතන්න මේ දේවල් නේද මිනිසාට මෙන්ම සතුන්ටද ජිවය තීරණය කරන්නෙ. එම නිසා ස්වභාදහමේ පලවිපාක ලැබෙන්නට ආත්ම ගණනක් ගත නොවෙයි, එවලේම දඬුවම් ලැබෙයි. ඒ මිනිසා සහ සතුන්ද ස්වභාදහමේ කොටස් කරුවන් වන නිසාවෙනි. ඔබ ස්වභාදහමෙන් යමෙක් ගැනීමට පෙර ඒ පිළිබඳව දෙවරක් නොව දහස් වතාවක් සිතන්න. නිතරම ස්වභාදහමට දිය හැකි හොදම දේ දෙන්න. උදා ලෙස ඔබ ශාකයක් සිටුවා එය හොදින් නිරික්ෂණය කරන්න එය දළු දා වැඩෙන විට එයින් ඔබට ලැබෙන දේවල් ගැන හොදින් සිතන්න, ඔබ ගසට ලබාදෙන්නේ CO2, ජලය, පොහොර නම්, එයට වඩා දහස් ගුණයකින් ඔබට ජිවත් විමට අවශ්‍ය බොහෝ දේ එම ගස ලබාදෙයි, සුළිසුළඟක් පැමිණි පසු එහි වැඩි බර ගස බාර ගෙන ඔබව ආරක්ෂා කරාවි. නියඟයක් පැමිණි පසු ඔබට පැයක්වත් වැඩිපුර ජිවත් වන්න ආහාර ලබා දෙයි. සිතන්න ස්වභාදහම කොතරම් සංවේදි ද, ස්වභාදහම විනාශ කලොත් ඔබත් විනාශ වේ. ස්භාදහම අරක්ෂා කලොත් ඔබව ස්වභාදහම විසින් ඔබව අරක්ෂා කරයි..
ස්වභාදහම ඔහුගේ ගමන තනිව හෙමින් සිරුවේ යන අතර ගමනට පැමිණෙන බාධක ද ඉවත් කරයි. ඔහුගේ ගමනට උචිත ජිවීන් ඉතුරු කර උචිත නැති ජිවීන් ඉවත් කරයි නශ්ඨ කරයි. ස්වභාවික වරනයක් සිදුකරයි. ගහනයක උවත් පරිසර පද්ධතියට හැඩගැසුණු නැති ජිවින් ස්වභාවිකව විනාශ වේ, හරියට ගංවතුරට හසු වු විට පිහිනීමට නොහැකි ජිවින් මිය යන්නාක් මෙනි.
ස්වභාදහමට උචිත ජිවින් යනු ස්වභාවිකව පැමිණෙන සියළු බාධක වලට පහසුවෙන් මුහුන දිය හැකි ජිවින්ටය. උදා- එම ජිවින්ට නියඟයක් පැමිණි පසු එයට ඔරොත්තු දිය හැකි ශක්තිමත්ය, ගංවතුරෙන් ගැලවීමට පිහිනීමට හැකිය, ස්වභාදහමට හොදින් සංවේදිය. එවැනි ජීවින් පරිසරයේ ඉතිරි වේ. ස්වභාදහම කිසිම ජීවියෙකුට පාලනය කල නොහැක කල හැක්කේ ස්භාදහමට උචිත ආකාරයට හැඩගැස්වීමයි, ස්භාදහමේ නීති රීති පිලිපදිමින් ජිවත් වීමයි. එවිට ස්වභාදහමෙන් වන අනතුරු, වියසනයන්ට හොඳින් මුහුන දිය හැකි වේ.
අපි දකින අදහන දහමයන් අතරින් බුදු දහම පමණි ස්වභාදහමේ අන්තර්ගතය මිනිසාට තේරුම් ගැනිමට හැකි අයුරින් දේශනා කර ඇත්තේ. එම නිසා බුදු දහම හරියට තේරුම් ගෙන පිලිපදිමින් ජිවත් වු විට ස්වභාදහමෙන් පැමිණෙන අනතුරු සහ වියසනයන්ට හොදින් මුහුන දිය හැකිය. මේ විපත් වලින් බේරීමට ඇති එකම මාර්ගය වන්නෙ නිවන් මාර්ගයයි.
අද ලංකාවට සිදුවී ඇත්තේ ස්වභාදහමට සංවේදි නොවීමයි. සියළුම පරිසර පද්ධති විනාශ කරමින් යයි, එහි තුලනයන් නැති කරයි, එවිට ස්වභාවික වියසනයන් වැඩි වේ.
අපි අනාගත පරපුර දැනුවත් කරමු. සියළුම පරිසර පද්ධති අරක්ෂා කරමු. ස්වභාදහමට ගරු කරමු එවිට ඔබවද රැකේ.....
Comments
Post a Comment