මාපලාන ඇල්ල...........

     ශ්‍රී ලංකාවේ උසින් සිව්වන ස්ථානය ගන්නා මාපලාන ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ උසින් පළමු තැන ගනී. මෙය පුරාවෘත්තයට අනුව මාපා නාන ඇල්ල ලෙසද හදුන්වයි. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශයේ පිහිටා ඇති මාපලාන ඇල්ල උසින් 141m වේ. මාපලාන ඇල්ල කොටස් තුනකින් සමන්විතයි ..
    සිරිපා කඳු මුදුනේ දකුණත පිහිටා ඇති 1868m ක් උස බැන සමනලින් ඇරැඹෙන ඇල්ලේ ඔය කොණ්ඩගල නම් ස්ථානයේදී මාපලාන ඇල්ල නිර්මාණය වේ. ස්වභා දහමේ අපුර්ව නිර්මාණයක් වන මාපලාන ඇල්ල ඉතාම වටිනා ජෛව පද්ධතියක් වේ. ඇල්ල ඇද හැලෙන පර්වතය පාංශු ඛාදනයට ඔරොත්තු දෙන පාෂාණ වලින් සමන්විතයි. මෙම භුමිය තුල ශ්‍රී ලංකාවට ආවේණික සතුන් හා ශාක විශාල ප්‍රමාණයක් සමන්විතය.
   මෙහි ප්‍රදේශයට ආවේණික වු බදුල්ල, කොටසිඹුල, ලාවේනියා, හොර, කැලැණිය, වෙනිවැල්ගැට ,හාතවාරිය ,ගොණු කෑ වැල් ,නෙලු ,රහනෙලු ,මානුග ,කලානුග වැනි ඖෂධ වර්ග ද මුගුණ ,පෙළංග ,තෙලබෝ සහ කටකෑළිය වැනි පැළෑටි වර්ගද සමන්විතයි. මෙහි මීමින්නා ,ඕළු මුවා ,ගෝනා , වැලිමුවා , ඉත්තැවා ,දඬු ලේනා ,රිලවා ,වල් ඌරා ,හාවා සහ දියබල්ලා වැනි සතුන්ද ශ්‍රී ලංකා ගිරා මලිත්තා සහ රන් මනන් කොට්ටෝරුවා වැනි කුරුළු විශේෂ රැසක් මෙම ඇල්ල ආශ්‍රිතව වාර්තා වේ. එමෙන්ම ලේ මාපිලා , කුනකටුවා , කරවලා , හොරපොළ නයා , තෙලිස්සා සහ පොලඟා වැනි උරගයින්ද අධික විෂ සහිත දිවි මකුළුවන්ද, දළඹු විශේෂද ඇත. තවද ගල් ආශ්‍රිව බෙල්ලන්ද බහුලව දැකිය හැක.
   ගැමි සංස්කෘතියට පාරම්පරික විශ්වාස ඇදහිලි පුද පුජා අවිචාර රැසක් මෙම ඇල්ල මුලික කරගෙන ශේෂ වි තිබෙනවා. නියගය දැඩි වන කාල වලදි පුද පුජා බාර හාර පැවැත්විම ගැමියන් හා බැදුණ සිරිතකි.
   වැසි සමයේදි ඉතා භයන්කාර ස්වරූපයක් ගන්නා මාපලාන ඇල්ල ක්ෂණිකව ජල ධාරාව වැඩි වේ. නමුත් මෙය ජල විද්‍යාත්මක වශයෙන් මහගු සම්පතක් වේ.
   වර්තමානය වන විට මේ ඇල්ල ආශ්‍රිතව ජල විදුලි නිශ්පාදිත මධ්‍යස්ථාන ආරම්භකර ඇත. එමගින් ජාතික විදුලි බල පද්දතිය තව දුරටත් ශක්තිමත් කරයි...
මෙ සියල්ල අවසානයේ මාපලාන ඔය කළුගඟ හා මුසුවෙයි...
   ඔබත් මාපලාන ඇල්ල නැරඹීමට පැමිණෙන්නේ නම් රත්නපුර නගරයෙන් සිරිපාගම මාර්ගයේ 22km ක් පැමිණ. පලාබද්දල, මහාවත්ත මංසන්දියෙන් මාපලාන පරේ 2km ක් පැමිණි පසු මාපලාන ඇල්ල හමුවේ.
   තවද නැරඹීමට පැමිණි පසු ඔබ රැගෙන එන කැලි කසල මෙම ස්ථානයේ දමා නොයන්න ඔබ වගබලාගතයුතුයි. මන්ද වර්ථමාය වන විට මාපලාන ඇල්ලේ ස්භාව සෞන්දර්ය තරමක් දුරට දුෂණය වි ඇත.
   මෙහි ජලය වැසි කාලවලදි සහ සමනල අඩවියට වැසි ඇති වු විට ජලය ක්ෂණිකව වැඩි වෙන බැවින් දිය නෑමේදි ඔබගේ අරක්ෂාව ගැන දෙවරක් සිතිය යුතුයි.............






















Comments

Popular posts from this blog

ගිලීමලේ-එරත්න රක්ෂිත වනාන්තරය.....

Dumpus waterfall